Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂහීන් ෂා බෑණා කරගන්න සහීඩ්ගේ කැමැත්ත

ෂහීන් ෂා බෑණා කරගන්න සහීඩ්ගේ කැමැත්ත

editorial - 2021 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ ජනප්‍රිය තුන් ඉරියව් ක්‍රීඩක සහ හිටපු නායක සහිඩ් අෆ්රිඩි තම වැඩිමහල් දියණියගේ විවාහය පාකිස්තානයේ වේග පන්දු යවන්නකු වන ෂහීන් ෂා අෆ්රිඩි සමඟ සිදුවන බව තහවුරු කර තිබේ. පාකිස්තාන වේග පන්දු යවන්නා තම බෑණා බව අෆ්රිඩි විසින් පසුගියදා ප්‍රකාශයට පත්කළේය.

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් කතාබහට ලක්වන අෆ්රීඩිව සමාජ මාධ්‍යවල අනුගමනය කරන බොහෝ පිරිස් සිටිති. පෞද්ගලික නාලිකාවක් විසින් මෑතකදී අෆ්රිඩිව සම්මුඛ සාකච්ඡාවක් සඳහා කැඳවන ලද අතර එම සම්මුඛ සාකච්ඡාව අතරතුර, ඔහුගේ දියණියගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳව පාකිස්තානයේ හිටපු නායකයා හෙළිදරව් කළේය.

වේග පන්දු යවන්නා සහ තම දියණිය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් විවාහ යෝජනාව ඔහුගේ පවුලේ සාමාජිකයන් ගෙනා බවත්  සහීඩ් අෆ්රීඩි හෙලි කළේය.

“ෂහීන් ගේ පවුලේ අය මගේ දියණිය වෙනුවෙන් මගේ පවුලට එක්වුනා. පවුල් දෙකම සම්බන්ධයි. අල්ලා දෙවියන් කැමති නම් මෙම විවාහය සිදු වේවි.  ෂහීන්ට පිටියේදීත් ඉන් පිටතදීත් අඛණ්ඩව සාර්ථකත්වය ලබා ගැනීමට හැකිවේවායි මම යාච්ඥා කරනවා.” යැයි අෆ්රීඩිගේ ට්විටර් සටහනක තිබුණි.

පාකිස්තානයේ හිටපු නායකයාට අක්සා, අන්ෂා, අජ්වා, අස්මාරා සහ අර්වා යනුවෙන් දියණියෝ පස්දෙනෙක් සිටිති. ඔවුන් අතුරින් ෂහීන් ෂා සමග විවාහ වීමට යන්නේ අක්සාය.
අෆ්රිඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුගෙන සිටියද ඔහු වසර ගණනාවක් තිස්සේම පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ රැඳී සිටී. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තරඟාවලිය කල් දැමීමට පෙර අෆ්රිඩි සහ ෂහීන් දෙදෙනාම පී.එස්.එල් හි හයවන තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියහ.

අෆ්රිඩි මුල්තාන් සුල්තාන් පිල නියෝජනය කරන අතර ඔහුගේ අනාගත බෑණා වීමට සිටින ෂහීන් ලාහෝර් කොලැන්ඩර්ස් වෙනුවෙන් ක්‍රීඩා කරයි.

- 2079

 


අදහස් (0)

ෂහීන් ෂා බෑණා කරගන්න සහීඩ්ගේ කැමැත්ත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.