අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර ගිරිඋල්ල වික්‍රමශිලා ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී ශාන්ත පීතර විදුහලේ පසිඳු නවෝද් (81), බ්‍රයන් ජූලියස් (62) සහ තිසර මදුවන්ත (54) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම දිනෙත් තත්සර ලකුණු 91 කට කඩුලු 6 ක්ද, ඉසුරු උත්පල ලකුණු 28 ක්ද කඩුලු 5 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ජනාධිපති විදුහල් පළමු ඉනිම - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 171
(යුනෙත් සෙනෙවිරත්න 30, අකිල රොෂාන් 26, ෂෙනාන් කේසර 26, සිතුම් කල්හාර 22, ඉසුරු උත්පල 28/5, එස්.ඒ. ප්‍රමෝද් 04/2)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 77.1 කදී කඩුලු 9 ක් දැවී 363
(පසිඳු නවෝද් 81, බ්‍රයන් ජූලියස් 62, තිසර මදුවන්ත 54, ලසිත් නිසලංක 41, මොහොමඞ් ෆව්ෂාන් 33, ශානුක නිමේෂ් 23, එස්.ඒ. ප්‍රමෝද් 23, ඉසුරු උත්පල 20, බ්‍රයන් පෙරේරා 100/3, ෂෙනාන් කේසර 76/2)
ජනාධිපති විදුහල් දෙවැනි ඉනිම - ඕවර 76.5 කදී සියලු දෙනා දැවී 280
(අශාන් වගාරච්චි 66, හේෂාන් චානක 38, විකුම් කල්හාර 36, බ්‍රයන් පෙරේරා 25, තිරාන් ළහිරු 25, අකිල රොෂාන් 23, ෂෙනාන් කේසර 21, දිනෙත් තත්සර 91/6, ශානුක නිමේෂ් 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.