අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කටුනේරිය ශාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත මරියා විදුහලේ ගජිත කොටුවේගොඩ (119) ශතකයක් ලබාගත් අතර ශාන්ත ජෝෂප් වාස් විදුහලේ චමෝද් ප්‍රනාන්ද (52) සහ යොහාන් මධුවන්ත (51) අර්ධ ශතක ලබාගත්හ.
ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 76.3 කදී සියලු දෙනා දැවී 281
(චමෝද් ප්‍රනාන්ද 52, යොහාන් මධුවන්ත 51, නිපුන් ධනංජය 47, අමිඳු ශෙරාන් 43, අචින්ත දේෂාන් නොදැවී 37, සිනෙත් වීරසූරිය 109/4, ගිහාන් අබේවර්ධන 70/3, අචින්ත බණ්ඩාර 16/2)
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 62.3 කදී සියලු දෙනා දැවී 143
(ගිහාන් අබේවර්ධන 38, පසන් වලිසිංහ 31, ගජිත කොටුවේගොඩ 31, චමෝද් ප්‍රනාන්දු 32/5, දනුක නිර්මාල් 11/3, නිපුන් ධනංජය 46/2)
ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 75.4 කදී කඩුලු 9 ක් දැවී 196
(ගජිත කොටුවේගොඩ 119, ගිහාන් අබේවර්ධන 23, අමිඳු ශෙරාන් 36/3, චමෝද් ප්‍රනාන්දු 43/2, නිපුන් ධනංජය 57/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.