Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ මුල් ඉනිම ජය ගනිති

ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ මුල් ඉනිම ජය ගනිති

editorial - 2019 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ජෝෂප් විදුහලේ ලේෂන් ලියූ ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගත් අතර එම විදුහලේම ශනිල් පෙරේරා නොදැවී ලකුණු 49 ක් රැස්කළේය.


ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 73
(නෙත්මික ප්‍රනාන්දු 25, ලේෂන් ලියූ 21/5, දේමිත දුල්නෙත් 14/2)

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 35.5 කදී කඩුලු 6 ක් දැවී 138
(චමත් පෙරේරා නොදැවී 25, කනිෂ්ක දිසානායක 25, දුනිත් පෙරේරා 22, දියෙන් ද සිල්වා 21, මෙවන් දිසානායක 41/3, දේෂක ඩයස් 30/2)

ශාන්ත බෙනඩික් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 33 කදී කඩුලු 5 ක් දැවී 108
(ශනිල් පෙරේරා නොදැවී 49, නෙත්මික ප්‍රනාන්දු 21, රිසික ගීනෙත් 09/2)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ මුල් ඉනිම ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.