Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයකදී හලාවත ශාන්ත මරියා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විද්‍යාල ‘බී’ කණ්ඩායම පෙරේදා (20) සමත් විය. මෙම තරගය වෙන්නප්පුව ජෝශප් වාස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජෝෂප් වාස් විද්‍යාල ‘බී’ කණ්ඩායමේ උවින් සංදීප ලකුණු 99 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.
ශාන්ත ජෝෂප් වාස් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 52 කදී කඩුලු 7 කට 301
(උවින් සංදීප 99, තිනිඳු සත්‍යංක 44, ජොහාන් රුවින්ද 41, එනෝෂ් සුජංත 41/2)
ශාන්ත මරියා පළමු ඉනිම - ඕවර 27 කදී සියලු දෙනා දැවී 78
(ඉෂාර ප්‍රනාන්දු 25, නිපුන් සුහන්ද 18/4, විශාල් ප්‍රනාන්දු 06/3, ෂෙවෝන් ඩිලුක්ෂ 16/3)
ශාන්ත මරියා දෙවැනි ඉනිම ඕවර 3 කදී කිසිවෙකු නොදැවී 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.