Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.ජෝෂප් වාස් පළමු ඉනිම ජයගනී

ශා.ජෝෂප් වාස් පළමු ඉනිම ජයගනී

Nisanka Sandeepani - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ පොලොන්නරුව රාජකීය විදුහල අතර ජෝෂප් වාස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය. 

එහිදී චමත් යෂෝහාර (65) සහ නෙත්මාල් ද සොයිසා (55) ශාන්ත ජෝෂප් වාස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම නිපුන ද සිල්වා ලකුණු 4 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය. 

පොලොන්නරුව රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 54.4 කදී සියලු දෙනා දැවී 95 
(විශ්ව සංකල්ප 28, දිදුල් සෞම්‍යදික්ක 21, නිපුන ද සිල්වා 04/4, චමත් යෂෝහාර 13/3, අචින්ත දේෂාන් 17/2) 

ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 29 කදී කඩුලු 7 ක් දැවී 204 
(චමත් යෂෝහාර 65, නෙත්මාල් ද සොයිසා 55, අවිෂ්ක පෙරේරා 22, අනූප ඉඳුවර 10/3, යෙනුක දිලුක්ෂ 63/2) 

පොලොන්නරුව රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30 කදී කඩුලු 7 ක් දැවී 133 
(විඳුර සෞම්‍යදික්ක 39, විශ්ව සංකල්ප 28, ශෂිනිඳු සහන් 28, භානුක ජයවාන්න 15/2, කාවින්ද ලියනපතිරණ 27/2) 

 


අදහස් (0)

ශා.ජෝෂප් වාස් පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.