Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.
තෙදිනක් පුරා පැවැති තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගත් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූයේය.
පළමු ඉනිමේදී සාන්ත තෝමස් විදුහල් විදුහලට වඩා ලකුණු 69 ක් ඉදිරියෙන් සිටි ශාන්ත සෙබස්තියන් විදුහල දිනය නිමාවන විට දෙවන ඉනිමට කඩුලූ 8 ක් දැවී ලකුණු 227 ක් රැස්කර ගැනීමට සමත්විය. තරූෂ ප‍්‍රනාන්දු (66) අර්ධ ශතකයක් ලබාගත් අතර රවි`දු තිලකරත්න ලකුණු 36 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්වූයේය.
සාන්ත තෝමස් විදුහලට පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 250 ක් පමණි. රෂ්මික ඕපාත (65) සහ සචිත ජයතිලක (51) අර්ධ ශතක ලබමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර අශීර් වර්ණකුලසේකර (30/3) සහ වී. රණසිංහ (65/3) කඩුලූ 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පළමු කඩුල්ල සදහා ලකුණු 107 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට යොහාන් මෙන්ඩිස් (46) සහ, රෂ්මික ඕපාත (65) සමත්වූ අතර හයවැනි කඩුල්ල සදහා ලකුණු ලකුණු 96 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සචිත ජයතිලක (51) සහ රොමේෂ් නල්ලපෙරුම (42) සමත්වූහ.
පළමුව පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 319 ක් රැුස්කිරීමට සමත්වූ අතර මිශේන් සිල්වා පන්දු 154 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 105 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය. අර්ධ ශතකයක් ලබාගත් (63) තරූෂ ප‍්‍රනාන්දු පස්වැනි කඩුල්ල සදහා මිශේන් සිල්වා සමග එක්ව ලකුණු 125 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.
රෂ්මික ඕපාත ලකුණු 17 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
ශා. සෙබස්තියන් විදුහල - පළමු ඉනිම - ඕවර 79.1 කදී සියලූ දෙනා දැවී 319
(නුවනිදු ප‍්‍රනාන්දු 47, සදරුවන් ප‍්‍රනාන්දු 29, මිශේන් සිල්වා 105, තරූෂ ප‍්‍රනාන්දු 63, නිමේෂ් බංඩාර 46, රෂ්මික ඕපාත 17/3, යොහාන් පෙරේරා 51/2, ඩෙලන් පීරීස් 64/2)
සා. තෝමස් විදුහල- පළමු ඉනිම - ඕවර 94.1 කදී සියලූ දෙනා දැවී 250
(යොහාන් මෙන්ඩිස් 46, රෂ්මික ඕපාත 65, සචිත ජයතිලක 51, රොමේෂ් නල්ලපෙරුම 42, අශීර් වර්ණකුළසේකර 30/3, වී.රණසිංහ 65/3, නිමේෂ් බංඩාර 29/2, ප‍්‍රවීන් ජයවික‍්‍රම 71/2)
ශා. සෙබස්තියන් විදුහල - දෙවන ඉනිම - ඕවර 8 කදී කඩුලූ 8 ක් දැවී 227
(සදරුවන් ප‍්‍රනාන්දු 25, මිශේන් සිල්වා 22, තරූෂ ප‍්‍රනාන්දු 66, ප‍්‍රවීන් ජයවික‍්‍රම 32, අශීර් වර්ණකුලසේකර නොදැවී 36, රවි`දු තිලකරත්න 69/3, සචින්ත ජයතිලක 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.