Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝෂප් වාස් විදුහලට දැවැන්ත ජයක්

ශා. ජෝෂප් වාස් විදුහලට දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2018 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර පැවැති 9 වැනි ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 195 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 318 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත මරියා විදුහල් ඉනිම ඕවර 41.5 ක් අවසානයේ ලකුණු 122 කට සීමා කිරීමට ආකාෂ් කනිෂ්ක ප්‍රමුඛ ශාන්ත ජෝෂප් වාස් පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ආකාෂ් කඩුලු 5 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 25 ක් පමණක් පිරිනමමිනි. ශාන්ත මරියා විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ආකාෂ්ට අනගි සහායක් දුන් ධනුෂ්ක නෙරංජන් ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ධනුෂ්ක නෙරංජන්ගේ (81) දක්ෂ පිතිහරඹය හමුවේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් වාස් විදුහල ඕවර 50 අවසානයේ ලකුණු 317 ක් ලබාගත්තේය. තිලාන් ප්‍රදීප්ත ලකුණු 46 ක්ද, අංජන රුක්මාල් ලකුණු 36 ක්ද, නිපුන් ධනංජය 35 ක්ද රැස්කරමින් ජෝෂප් වාස් විදුහලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 317
(ධනුෂ්ක නෙරංජන් 81, තිලාන් ප්‍රදීප්ත 46, අංජන රුක්මාල් 36, නිපුන් ධනංජය 35, චාරුක තරිඳු 66/3, කල්ප යසස් 32/2, හෂේන් චාරුක 32/2)

ශාන්ත මරියා විදුහල - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 122
(රොෂේන් මාධව 26, දිලුෂාන් ජයසේකර 21, ආකාෂ් කනිෂ්ක 25/5, ධනුෂ්ක නෙරංජන් 16/3)


අදහස් (0)

ශා. ජෝෂප් වාස් විදුහලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.