Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2 ක්

ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2 ක්

ශනුක අරවින්ද - 2018 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පී.වී.එස්. හේමජිත් එච්.එම්.කේ. ඒකනායක

තායිවානයේදී පැවැති තායිපේ සිටි බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට මෙටර නැඟී එන යොවුන් බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනකු වන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ පී.වී.එස්. හේමජිත් සහ පිළිමතලාව ධීරානන්ද පාසලේ එච්.එම්.කේ. ඒකනායක සමත් වූහ.

කිලෝ ග්‍රෑම් 52 බර පංතිය යටතේ තරග වැදුණ හේමජිත් එම බර පංතියේ අවසන් පූර්ව වටයේදී මැලේසියාවේ මුහම්මද් රස්දෙනාල් හමුවේ පරාජයට පත් විය. කිලෝ ග්‍රෑම් 60 බර පංතිය යටතේ තරග වැදුණ ඒකනායක එම බර පංතියේ අවසන් පූර්ව වටයේදී පරාජයට පත් වූයේ ජපානයේ තයිගා ඉමංගා හමුවේය.

ශ්‍රී ලංකාව, ජපානය, නවසීලන්තය, උතුරු කොරියාව, දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ සත්කරක තායිවානය ඇතුළු රටවල් 12 ක් නියෝජනය කරමින් තරගකරුවෝ 64 දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වූහ.

හේමජිත් 2016 වසරේ සිට මේ වසර (2018) දක්වා පිට පිට වසර 3 කදී ස්ටබ්ස් පළිහ තරගාවලියේ ඔහු නියෝජනය කරන බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට සමත් විය. ඒකනායක මේ වසරේ පැවැති ස්ටබ්ස් පළිහ තරගාවලියේ ඔහු නියෝජනය කරන බර පංතියේ රන් පදක්කම දිනාගත්තේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.