Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට ලකුණු 170 ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 170 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී පැවැත්වෙන වයස 15 න් පහළ ‘තුන්කු ජෆාර්’ කුසලාන තරගාවලියේ ආර්.එස්.සී කිආරා ක‍්‍රීඩාංගණයේදී පැවති තරගයේදී ඉන්දියා වයස 15 න් පහළ කණ්ඩායමට එරෙහිව ලකුණු 170 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායම සමත්විය.

 ඕවර 40 කදී ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියා වයස 15 න් පහළ කණ්ඩායමට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 27 ක් පමණි. සඳුන් මෙන්ඩිස් ලකුණු 9 කට කඩුලූ 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරතවිය.

පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායම  ඕවර 40 අවසානයේදී සියලූදෙනා දැවී ලකුණු 197 ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 38 ක් ලබාගනිමින් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වන්නට අවිශ්ක තරිඳු සමත්විය. ආරධ්‍යයා ශින්ඬේ ලකුණු 21 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්වූයේය.


ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායම -  ඕවර 40 කදී සියලූ දෙනා දැවී 197
(ලෂාන් අමරසිංහ 21, අහන් සංචිත 30, අවිශ්ක තරිඳු 38, ශෙවාන් රසූල් 21, ආරධ්‍යයා ශින්ඬේ 21/3)

ඉන්දියා වයස 15 න් පහළ කණ්ඩායම - ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී 27
(සඳුන් මෙන්ඩිස් 9/4, කමිල් මිශාර 2/2, ජනිඳු වත්සල 3/2)

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 170 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.