Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව අවසන් තරගයෙන් ඉවතට

ශ්‍රී ලංකාව අවසන් තරගයෙන් ඉවතට

editorial - 2021 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(නාමල් පතිරගේ)

උස්බෙකිස්තානයට වට 3/2ක පරාජයක් ලැබීමෙන් මධ්‍යම ආසියානු වොලිබෝල් (කාන්තා) තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකාවට අහිමි විය.

බංග්ලාදේශයේ ‘ඩකා’ නුවරදී දැන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ තරග සහභාගිත්වය නිමා කරමින් අද (27) පැවැති තරගයේදී ලකුණු 26/24, 25/18, 20/25, 19/25, 12/15ක් ලෙස පරාජයට පත්විය.

ඒ අනුව, පළමු හා දෙවැනි වට දෙකම ජය ගෙන තිබියදී ශ්‍රී ලංකාව මෙම අනපේක්ෂිත පරාජය ලැබීය.

ඒ අනුව, ශ්‍රී ලංකාව තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයට හෙට (28) සහභාගි වන්නේ සත්කාරක බංග්ලාදේශයට එරෙහිවය.

කාන්තා අවසන් මහ තරගය අද පැවැත්වෙන්නේ මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ගණනක් රැස් කළ උස්බෙකිස්තානය හා නේපාලය අතරය.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව විසින් කිරිකිස්තානය, මාලදිවයින සහ බංග්ලාදේශය පරාජය කරන ලදී. එහෙත්, අද යළිත් වතාවක් තරගාවලියේ මුණගැසෙන නේපාලයට ශ්‍රී ලංකාව මූලික වටයේ තරගයකදී වට 3/2කට පරාජය වී තිබේ.

මේ අතර, පිරිමි තරගාවලියේදී මාලදිවයිනට එරෙහිව ඊයේ පස්වරුවේ මූලික වටයේ සිය අවසන් තරගයට සහභාගි වීමට පුහුණුව සිටි ශ්‍රී ලංකාව ඒ වන විටත් එතෙක් සහභාගි වූ තරග තුනම ජයගෙන අද පැවැත්වෙන පිරිමි අවසන් මහ තරගයට ඒ වන විටත් සුදුසුකම් සනාථ කර අවසන්ව තිබුණි.

ඒ, උස්බෙකිස්තානය (3/0), නේපාලය (3/1) සහ සත්කාරක බංග්ලාදේශය (3/1) පරාජයට පත් කරමිනි. අද පැවැත්වෙන පිරිමි අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්ව සිටින්නේ සත්කාරක බංග්ලාදේශයයි.

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ කාන්තා තරගාවලියට රටවල් හයක් හා පිරිමි තරගාවලියට රටවල් පහක් සහභාගි වූහ. එහිදී කාන්තා තරගාවලියේ ශූරියන් සඳහා “බන්ගමාතා” අභියෝග ශූරතා කුසලානත්, පිරිමි තරගාවලියේ ශූරයන් සඳහා “බන්ගබන්දු” අභියෝග ශූරතා කුසලානත් ප්‍රදානය කෙරෙති.

කාන්තා තෙවැනි ස්ථානය තේරීම් තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 9.00ටත්, අවසන් මහ තරගය පෙරවරු 11.00ටත් අද ආරම්භ වේ. පිරිමි අවසන් මහ තරගය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ටය. පස්වරු 1.30ට තෙවැනි ස්ථානය තේරීමේ තරගය පැවැත්වේ.

කාන්තා තරගාවලියේ ශ්‍රී ලංකාවේ පසුබෑමට හේතු වූයේ, තරගාවලියට පිටත්ව යාමට පෙර සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට හෙළි කරගැනීමෙන් ඔවුන්ට සංචාරයෙන් ඉවත් වීමට සිදු වීමය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා පුහුණු සංචිතයේ අතිරේක ක්‍රීඩිකාවන් පිරිසක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගැනුණි.
 


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් තරගයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.