Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා හොකී පිලට දැවැන්ත පරාජයක්

ශ්‍රී ලංකා හොකී පිලට දැවැන්ත පරාජයක්

Nisanka Sandeepani - 2018 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී ඉසව්ව ආරම්භ වූ අද (20 වැනිදා) මුහුණදුන් පළමු තරගයේදීම ජපානය හමුවේ ගෝල 11-0 ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. 

එම තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 3 ක් වාර්තා කිරීමට කසුමා මුරාටා සමත් වූ අතර කෙන්ටා ටානකා සහ කෝජි යමසකි ගෝල 2 බැගින්ද, මනාබු යමෂිටා, හිරෝටකා සෙන්ඩානා, යොෂිකි කිරිෂිටා සහ ගෙන්කි මිටානි ගෝලය බැගින්ද ලබාගත්හ. 

ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ සෙසු තරග 22 වැනිදා කොරියාවට එරෙහිවද, 24 වැනිදා හොංකොං රාජ්‍යයට එරෙහිවද, 26 වැනිදා ඉන්දුනීසියාවට එරෙහිවද, 28 වැනිදා ඉන්දියාවට එරෙහිවද පැවැත්වීමට නියමිතය. 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා හොකී පිලට දැවැන්ත පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.