Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා වොලිබෝල් පිලට මාලදිවයිනේදී තරග 3 ක්

ශ්‍රී ලංකා වොලිබෝල් පිලට මාලදිවයිනේදී තරග 3 ක්

editorial - 2021 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මධ්‍යම ආසියනු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට යාමට පෙර, ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායම දෙසැම්බර් 8 වැනිදා මාලදිවයින් පුහුණු තරග සංචාරයක් අරඹයි. දෙසැම්බර් 9, 10 හා 12 යන දිනවල මාලේ නුවර දී මාලදිවයින් ජාතික වොලිබෝල් (පිරිමි) කණ්ඩායමට එරෙහිව පුහුණු තරග තුනකට ශ්‍රී ලංකා පිල සහභාගි වේ.

මෙම කණ්ඩායම් වොලිබෝල් පිටියේ දී මුණගැසෙන්නේ වසර 2019 දෙසැම්බර් මාසයේ කත්මන්ඩු නුවර දී පැවති 13 වැනි සාග් ක්‍රීඩා උළලෙන් පසුවය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම වන්නේ වසර 2019 කත්මන්ඩු සාග් ක්‍රීඩා උළලෙන් පසුව ඔවුන් සහභාගි වන පළමු ජාත්‍යන්තර වොලිබෝල් තරගමාලාව එය වීමයි.

ලසිඳු නෙත්මල් වසත්ප්‍රියගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකාව මෙන්ම මාලදිවයිනද දෙසැම්බර් 21 සිට 28 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් තරග මාලාවට සහභාගිවීමට නියමිතය.  එහි කාන්තා තරගාවලියට ශ්‍රී ලංකා වොලිබෝල් (කාන්තා) කණ්ඩායම ද සහභාගි වේ. මෙම තරගමාලාව සඳහා මධ්‍යම ආසියානු හා දකුණු ආසියානු කලාප දෙකේ රටවල් අටක් සහභාගි වෙති.

පසුගිය සැප්තැම්බර් මාසයේ ජපානයේ පැවති ආසියානු වොලිබෝල් (පිරිමි) තරඟාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා සිටියත් වොලිබෝල් ජාතික පුහුණු සංචිතයේ ක්‍රීඩකයන් බහුතරයක් කොවිඩ් හා ඩෙංගු ආසාදිතයන් බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව එම තරග සංචාරය අත්හැර දැමීය. ශ්‍රී ලංකාව ඒ සඳහා නිර්දේශ ලබාගත්තේ කොළඹ දී පැවති කඩඉම් තරගකය දී උස්බෙකිස්ථානය පරාජයට පත් කරමිනි.

ශ්‍රී ලංකා වොලිබෝල් (පිරිමි) කණ්ඩායම් නායකත්වයට පත් පසිදු නෙත්මල් වසත්ප්‍රිය වසර 12කට වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාව සිටි කාලික වසන්තප්‍රිය මහතාගේ පුතණුවන්ය.


අදහස් (0)

ශ්‍රී ලංකා වොලිබෝල් පිලට මාලදිවයිනේදී තරග 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.