ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් ඉසව්වේ ‘ඊ’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකාව, මුහුණදුන් පළමු තරගයේදීම අද (20 වැනිදා) තායිලන්තය හමුවේ වට 3-1 ක් ලෙස පරාජයට පත් විය.
ලකුණු 25/13 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත්, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වට පිළිවෙලින් ලකුණු 25/21 ක්, 25/23 ක් සහ 27/25 ක් ලෙස ජයගත් තායිලන්තය සමස්ත තරගයෙන් වට 3-1 ක ජයක් ලැබීය.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිඳු මෙත්මාල් ලකුණු 58 ක්ද, ජනිත සුරත් ලකුණු 57 ක්ද, දීප්ති රොමේෂ් ලකුණු 51 ක්ද, දිනිඳු චාමර ලකුණු 39 ක්ද බැගින් රැස්කළහ.
ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ සෙසු තරග දෙක 23 වැනිදා වියට්නාමයට එරෙහිවද, 25 වැනිදා චීනයට එරෙහිවද පැවැත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.