Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා වරාය තරග දෙකක් පරදී

ශ්‍රී ලංකා වරාය තරග දෙකක් පරදී

editorial - 2025 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාලේ නුවරදී දැන් පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් සුපර් ලීග් (පිරිමි) තරගාවලියේදී ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම අද (18) පැවැති තරගයකදී වට 3 -1කට කිරිගිස්ථාන බිෂ්කෙක් කණ්ඩායමට පරාජය විය. ඒ ලකුණු 22/25 - 20/25 - 25/23 - 20/25 ක්  පරිදිය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ඊයේ  (17) මුහුණ දුන් සිය පළමු තරගයෙන්ද කසකස්ථාන සයික් කණ්ඩායම හමුවේ වට 3 - 1 ක පරාජයක් ලැබීය. එහිදී පළමු වටය ශ්‍රී ලංකාව 25/22 ක් ලෙස ජය ගත්තත් සෙසු තරග වට තුනම ලකුණු 25/14 - 25/16 - 25/15 ක් ලෙස පරාජයට පත් විය.

 ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම මූලික වටයේ සහභාගි වන තෙවැනි තරගය මාලදිවයින ' දිවේහි ස්පයින්ජ් '  කණ්ඩායම සමග අද (19) තරග වැදීමට නියමිතය.
     
තරගාවලිය ලබන බදාදා ( 23) දක්වා රටවල් හයක ක්‍රීඩා සමාජ කණ්ඩායම් සහභාගිත්වයෙන් පැවැත්වේ.

- 223 


අදහස් (0)

ශ්‍රී ලංකා වරාය තරග දෙකක් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.