අද (24 වැනිදා) සිට ලබන 29 වැනිදා දක්වා දකුණු කොරියාවේදී පැවැත්වෙන 5 වැනි ලෝක කුසලාන කැරම් ශූරතාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම පසුගයදා දිවයිනෙන් පිටත්ව ගියේය.
තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස චමිල් දර්ශන කුරේ කටයුතු කරන අතර නිශාන්ත ප්‍රනාන්දු, මොහොමඞ් ෂහීඞ් හිල්මි සහ උදේශ් චන්දිම පෙරේරාද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිති. යසිකා රාහුබද්ධගේ නායකත්වයෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු සාමජිකාවන් ලෙස ජෝශප් රොෂිටා, චලනි ලක්මාලි ලියනගේ සහ මධුකා දිල්ෂානි රණවීර කටයුතු කරති.
ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක මහතා කණ්ඩායම් ප්‍රධානී ලෙසද, උප සභාපති බ්‍රින්ඩ්ලි වික්‍රමසිංහ මහතා කළමනාකරු ලෙසද තරගාවලියට එක්වන අතර අමිතා වික්‍රමසිංහ මහත්මියද ප්‍රධාන තරග විනිසුරුවරියක ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වූවාය.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පකිස්ථානය, මාලදිවයින, කොරියාව, ජපානය, ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය ආදී රටවල් 21 සහභාගි වීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.