
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ වනුවාටු කාන්තා කණ්ඩායම අතර ඩුබායි හි ටොලරන්ස් ඕවල් පිටියේදී අද (23 වැනිදා) පැවැති පෙරහුරු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගත්හ. පළමුවෙන් පන්දුවට පහර දුන් වනුවාටු කාන්තා කණ්ඩායම ලකුණු 58 කට දැවී ගිය අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 8.2 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 59 ක් ලබාගත්හ.
වනුවාටු කණ්ඩායම වෙනුවෙන් ඉලක්කම් දෙකකින් කිව හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ වැලෙන්ටා ලැන්ගියාටු (12) පමණි. සෙසු ක්‍රීඩිකාවෝ සියලු දෙනාම අසාර්ථක වූහ.
උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, සහ ඉනෝකා රණවීර කඩුලු දෙකක් බැගින් දවාගත් අතර වමතින් දඟ පන්දු යවන 15 හැවිරිදි ක්‍රීඩිකා ශෂිනි ගිම්හානි සිය ඕවර 4 ම ලකුණු 12 කට සීමාකර ගනිමින් කඩුලු 03 ක් දවාගත්තාය.
වනුවාටු කාන්තා කණ්ඩායම - ඕවර 17 කදී සියලු දෙනා දැවී 58 යි
(වැලෙන්ටා ලැන්ගියාටු 12, උදේශිකා ප්‍රබෝධනී 08/2, අචිනි කුලසූරිය 08/2, ඉනෝකා රණවීර 14/2, ශෂිනි ගිම්හානි 12/3)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම - ඕවර 8.2 කදී කඩුලු 1 ට 59 යි
(අනුෂ්කා සංජීවනී 11, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 14, හසිනි පෙරේරා නොදැවී 27)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.