Last Update  :  2025-12-19 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ විරෝධතාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ විරෝධතාවක

Nisanka Sandeepani - 2019 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයේ සහ නැඟීඑන කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ මේ වන විට විරෝධතාවක් ක්‍රියාත්මක කර සිටිති. 

එම සංචිතවල ක්‍රීඩිකාවන්ගේ දෙසැම්බර් මස දීමනාව මේ දක්වා නොගවීම සහ ක්‍රීඩිකාවන්ට ප්‍රමිතියෙන් තොර ආහාර ලබාදීම මෙම විරෝධතාවට ප්‍රධාන හේතු-ව බවට පත්ව තිබේ. 

මෙම සංචිත දෙකේ සියලුම ක්‍රීඩිකාවෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී අද (10) පෙරවරු 1-0.00 ට පමණ පුහුණුවීම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත්ව විරෝධය ආරම්භ කළහ. මෙම විරෝධතාවට ක්‍රීඩිකාවන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි ඇතපත්තු ඇතුළු ක්‍රීඩිකාවන් සහ උසස් දක්‍ෂතා සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී අසංක ගුරුසිංහ මහතා අතර ගැටලුව විසඳීම සදඟා සාකච්ඡාවක් ද පැවැත්විණි.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.