Last Update  :  2025-12-19 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ගැන තීන්දුව අදින් පසු

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ගැන තීන්දුව අදින් පසු

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ තීරණයට එළඹිය හැක්කේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) අද (7 වැනිදා) පැවැත්වෙන විධායක කමිටු රැස්වීමෙන් පසුව බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඒ පිළිබඳව වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.  

 “අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විධායක කමිටු රැස්වීම පැවැත්වෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා තමයි ක්‍රිකට් නිලවරණය පවත්වනවාද නැද්ද කියලා තීරණ කරන්නේ”

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 7 වැනිදා අනිවාර්යයෙන් පැවැත්වෙනවා යැයි මම කාටවත් කිව්වේ නෑ. ක්‍රිකට් ක්‍රීඩා සමාජවල නියෝජිතයෝ මාව මුණ ගැසුණා. එහිදී මම කිව්වේ 7 වැනිදා පැවැත්වීම පිළිබඳව ගැටළුවත් ඇති බවයි”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත් වූ නාම යෝජනාවලට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා 15 ක් සම්බන්ධයෙන් නිලවරණ කමිටුව ගත් පියවර මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැත.

නාමයෝජනාවලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීම පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා අවසන් විය.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ගැන තීන්දුව අදින් පසු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.