Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රව්‍යාබාධිතයෝ විස්සයි20 ලෝක කුසලාන දිනති

ශ්‍රව්‍යාබාධිතයෝ විස්සයි20 ලෝක කුසලාන දිනති

Nisanka Sandeepani - 2018 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති ශ්‍රව්‍යබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් පිල අද (30) සමත් විය. ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ ගුර්ගඕන්හිදී අද (30) පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 36 කින් ඉන්දීය ශ්‍රව්‍යබාධිත පිල පරාජය කිරීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිල ඕවර 17.5 කදී ලකුණු 109 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. 

නායක ගිමඳු ලක්රූ තරගයේ වීරයා බවට පත්වමින් ලකුණු 25 කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය. අසංක මංජුල (18/2) සහ සුමුදු ලංකා (20/2) කඩුලු දෙක බැගින් දවාගැනීමට ජයග්‍රහණයට විශාල දායකත්වයක් දැක්වීය. 

මෙම තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වූ නායක ගිමඳු ලක්රූ අවසන් තරගයේදී පන්දු 41 කදී හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් ඇතුළත්කරමින් ලකුණු 41 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

සුමුදු ලංකා (22) සහ සම්පත් ජයසිංහ (19) හත්වැනි කඩුල්ලට පන්දු 26 කින් ගොඩනැංවූ ලකුණු 40 ක සම්බන්ධතාවෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 145 ක් දක්වා ඒමේ අවස්ථාව ලැබුණි.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් දක්වමින් පළමු වටයේ තරග හතරෙන් තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්විය. ඉන් පසුව පැවැති සුපිරි තිදෙනාගේ වටයේ තරග දෙකම ජය ලබා වැඩිම ප්‍රසාද ලකුණු ලබා අවසන් මහ තරගයට පැමිණියේය. 

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නේපාලය නියෝජනය කරමින් ශ්‍රව්‍යබාධිත කණ්ඩායම් සහභාගි විය.       

ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 9 ට 145
(ගිමඳු ලක්රූ 41, රජිත අසංක 15, සම්පත් ජයසිංහ 19, සුමුදු ලංකා 22, නදීම් ශායික් 17/2, ජටින්ද්‍ර ත්‍යාගි 32/2)

ඉන්දීය ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායම ඕවර 17.5 කදී සියලු දෙනා දැවී 109
(ජටින්ද්‍ර ත්‍යාගි 21, සායි ආකාස් 29, රෝහිත් සයිනි 23, ෆාහිමුඩීන් 16, ගිමඳු ලක්රූ 25/3, ඇලන්ජෝස් කාලිප් 21/2, සුමුදු ලංකා 20/2)

- 048


අදහස් (0)

ශ්‍රව්‍යාබාධිතයෝ විස්සයි20 ලෝක කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.