Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට

ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට

Nisanka Sandeepani - 2018 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දැන් පැවැත්වෙන ශ්‍රව්‍යබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් පිල සමත් විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහ තරගය හෙට (30) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා පිල සුපිරි තිදෙනාගේ වටයේ අද (29) සහභාගි වූ අවසන් තරගයේදී කඩුලු 6 කින් ඉන්දීය පිල පරාජය කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා පිල සුපිරි තිදෙනාගේ වටයේ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගනිමින් පළමු ස්ථානය ද, ඉන්දියාව තරගයක් පමණක් ජය ලබා ප්‍රසාද ලකුණු 2 ක් සමගින් දෙවැනි ස්ථානය ද, ලැබීය. 

ගුර්ගඕන්හිදී ඊයේ (28) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් පිල කඩුලු 3 කින් දකුණු අප්‍රිකානු ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් පිල පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය

ඉන්දීය ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායම ඕවර 18 කදී කඩුලු 8 ට 117
(සායි ආකාෂ් 55, රෝහිත් සයිනි 20, රජිත අසංක 23/4)

ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායම ඕවර 15.5 කදී කඩුලු 4 ට 118
(ශානක වල්ගම 20, උදාර ලක්මාල් 24, සම්පත් ජයසිංහ 24, රජිත අසංක නොදැවී 35) 

 


අදහස් (0)

ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.