Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් සංචිත දෙකකට අයැදුම්පත් කැඳවයි

වොලිබෝල් සංචිත දෙකකට අයැදුම්පත් කැඳවයි

editorial - 2021 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කාන්තා හා පිරිමි වොලිබෝල් පුහුණු සංචිත දෙකක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරියේ දී තේරීම් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සූදානම් වෙයි.

දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්වෙන මෙම තේරීම් තරගාවලිය සූදානම් කිරීමට පෙර ඒ සඳහා සහභාගිවීමට කැමැත්තක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ මෙම 28 වැනිදා දක්වා අයදුම්පත් කැඳවනු ලබයි.

සිය නම, ලිපිනය හා පෞද්ගලික දුරකතන අංකය ද ඇතුළත් ජීව දත්ත සඳහන් අයදුම්පත් asnalaka@gmail.com යන විද්‍යුත් තැපෑලට යොමු කළ යුතුය.  වැඩිදුර තොරතුරු දුරකතන අංක 0777-864626 ඔස්සේ වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.

අගෝස්තු 29 වැනිදා සිට සැප්තැම්බර් 05 දක්වා චීනයේ ජියැන්ජිමෙන් නගරයේ දී පැවැත්වෙන 21 වැනිදා ආසියානු ශූරතා වොලිබෝල් (කාන්තා) තරගාවලිය ද සැප්තැම්බර් 12 සිට 19 වැනි දා දක්වා ජපානයේ චීබා නගරයේ දී එහි පිරිමි තරගාවලිය ද පැවැත් වේ.

ඒ සඳහා ශ්‍රී ලංකාව ජාතික කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් දෙක සහභාගීවීමට සූදානමින් සිටියි.


අදහස් (0)

වොලිබෝල් සංචිත දෙකකට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.