Last Update  :  2025-07-14 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් ශූරතාව යුද හමුදා කණ්ඩායමට

වොලිබෝල් ශූරතාව යුද හමුදා කණ්ඩායමට

editorial - 2025 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ සියනෑ තරු වොලිබෝල් ක්‍රීඩා සමාජය සංවිධානය කළ ‘‘ජේ.ජී. ජිනදාස අනුස්මරණ කුසලාන” සමස්ත ලංකා ආරාධිත වොලිබෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, ගම්පහ සියනෑතරු ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

දිවයිනේ ප්‍රවීණයන්ගෙන් යුත් වොලිබෝල් කණ්ඩායම් අටක් මෙම තරගාවලිය සඳහා තරග වැදුණු අතර, අවසන් මහ තරගය ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන්ද සමන්විත ශ්‍රී ලංකා යුද හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති අතර, එහිදී වට 3/0 ක් ලෙස යුද හමුදාව ජය ගත්තේය.

ගම්පහ ඉසුරු කේටර්ස් සහ ලෙපර්ට්ස් අනුග්‍රහයෙන් පැවති මෙම තරගාවලියේ ආරාධිතයන් ලෙස බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, ගම්පහ පුරපති එරික් එදිරිවික්‍රම, නියෝජ්‍ය නගරාධිපති රමාල් සිරිවර්ධන, ඉසුරු කේටර්ස් අධිපති විමල් ගමගේ, ගම්පහ පාපන්දු සංගමයේ හිටපු සභාපති ලක්ෂ්මන් හේවාපන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


අදහස් (0)

වොලිබෝල් ශූරතාව යුද හමුදා කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.