Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් රන් පදක්කමට ප්‍රබලතම 4 ක්

වොලිබෝල් රන් පදක්කමට ප්‍රබලතම 4 ක්

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආර්ජන්ටිනාව සහ ඉතාලිය අතර තරගයේදී...

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පැසිපන්දු (පිරිමි) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රබලතම රටවල් 4 ක් වන බ්‍රසීලය, ආර්ජන්ටිනාව, ප්‍රංශය සහ රුසියානු ඔලිම්පික් කවුන්සිලය අද (3 වැනිදා) සමත් වූහ.

 ඒ අනුව අනිද්දා (5 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගවලදී බ්‍රසීලයට එරෙහිව රුසියානු ඔලිම්පික් කවුන්සිලයද, ආර්ජන්ටිනාවට එරෙහිව ප්‍රංශයද තරග බිමට පිවිසීමට නියමිතය.  

එම තරගවලින් ජය ලබන කණ්ඩායම් රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් එළඹෙන 7 වැනිදා තරග වදින අතර එම තරගවලින් පරාජයට පත්වන කණ්ඩායම් ලෝකඩ පදක්කම වෙනුවෙන් එදිනම තරග වදිනු ඇත.

පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී වට 3-0 ක් ලෙස කැනඩාව පරාජය කිරීමට රුසියානු ඔලිම්පික් කවුන්සිලය සමත් වූ අතර දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී වට 3-0 ක් ලෙස ජපානය පරාජය කිරීමට බ්‍රසීලය සමත් විය.

තෙවැනි සහ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරග ජයගැනීමට ආර්ජන්ටිනාව සහ ප්‍රංශය සමත් වූයේ පිළිවෙලින් වට 3-2 ක් ලෙස ඉතාලියත්, වට 3-2 ක් ලෙස පෝලන්තයත් පරාජය කරමිනි.

 

අර්ධ අවසන් පූර්ව තරග

රුසියානු ඔලිම්පික් කවුන්සිලය විසින් වට 3-0 ක් ලෙස කැනඩාව පරාජය කරන ලදී
බ්‍රසීලය විසින් වට 3-0 ක් ලෙස ජපානය පරාජය කරන ලදී
ආර්ජන්ටිනාව විසින් වට 3-2 ක් ලෙස ඉතාලිය පරාජය කරන ලදී
ප්‍රංශය විසින් වට 3-2 ක් ලෙස පෝලන්තය පරාජය කරන ලදී

 

බ්‍රසීල කණ්ඩායම ...

 

ප්‍රංශ කණ්ඩායම

-036


අදහස් (0)

වොලිබෝල් රන් පදක්කමට ප්‍රබලතම 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.