Last Update  :  2025-06-27 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් මුල් පුටුවට සජීව මැදවත්ත

වොලිබෝල් මුල් පුටුවට සජීව මැදවත්ත

editorial - 2025 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ )

ටොරිංටන් පෙදෙසේ ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණ යේදී (2025 - 27) සභාපති ධූරයට ජේය්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා නිතරගයෙන් පත් විය. ඔහු කෙටි කලක් වොලිබෝල් සම්මේලනයේ කලින් පැවැති විධායක සභාවේ උප සභාපති ධූරයක කටයුතු කළ අයෙකි.

ප්‍රධාන ලේකම් ධූරයට පත් වුයේ වින්ග් කොමදෝරු අඛිල ද අල්විස් මහතායි.

පසු ගිය මැයි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන නව ක්‍රීඩා රෙගුලාසී අනුව එතැන් සිට ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්විය යුතු වූවත් වොලිබෝල් සම්මේලනයේ නිලවරණය (2025 - 27) පැවැත්වූයේ පැරණි ක්‍රීඩා රෙගුලාසී අනුවය. ඊට හේතු වූයේ නව ක්‍රීඩා රෙගුලාසී ගැසට් නිවේදනයට කළින් වොලිබෝල් සම්මේලනය සිය ආසන්නතම නිලවරණය සදහා නාමයෝජනා කැඳවා තිබීමය.

නව ක්‍රීඩා රෙගුලාසී අනුව ජාතික ක්‍රීඩා සංගමයක විධායක සභාව 17 දෙනෙකුටත් උප සභාපති ධූර තුනකටත් සීමා කර තිබේ. එහෙත් පැරණි රෙගුලාසී අනුව නිලවරණය කැදවීමෙන් වොලිබෝල් සම්මේලනයේ නව විධායක සභාව තවදුරටත් 25 දෙනෙකුගෙන් සමන්විත වේ. එහි උප සභාපති ධූරත් තවදුරටත් හයක්ව පවතී.

කාරක සභිකයන් 12 දෙනෙකු නිර්දේශ කර ගැනීම සදහා පමණක් මෙවර නිලවරණයේදී ඡන්ද විමසුමක් පැවැත්වුණි.

වසර 10 කට ආසන්න කාලයක් වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධූරය දැරූ ඒ. එස්. නාලක හා වසර අටක් සභාපති ධූරය දැරූ කංචන ජයරත්න යන මහත්වරු මෙවර නිලවරණයට ඉදිරිපත් නොවූහ. 


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නව විධායක සභාව (2025 - 27)

සභාපති : - ජේය්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා
ප්‍රධාන ලේකම් : -වින්ග් කොමදෝරු අඛිල ද සිල්වා මහතා.
භාණ්ඩාගාරික : - තුෂාර සම්පත් පෙරේරා මහතා
උප සභාපතිවරු (6) : - චන්දන විජේසිංහ , මහින්ද බන්ඩාර හේරත්, කේ.පී.සී.එම්. කාරියවසම්, අශෝක අඹන්පොල, එස්.එම්.ඒ.එන්.අයි.සම්බද්දප්පෙරුම සහ  චමින්ද ලක්ෂ්මන් (පාසල් වොලිබෝල් සංගමය) යන මහත්වරු
ජාතික සංවිධායක : -ධනපාල ජයපත්ම මහතා
උප ලේකම්වරු : - කාන්තසිරි මීගමුවගේ හා කපිල ප්‍රියංකර විජේමාන්න යන මහත්වරු.
උප භාණ්ඩාගාරික  :- ( පුරවා  නැත)
 තරග ලේකම් : - කපිතාන් කේ. ආර්.කේ.ටි.මලින්ද මහතා
කාරක සභාව  : - අජිත් නෙත්තසිංහ, අරුණ ශාන්ත, දීපාල් ඒකනායක, ලලිත් ප්‍රියන්ත, විමල් අමරසිංහ, ඒ. රවීවාර්මන්, එස්.එන්.එස්.කිත්සිරි, සජිත් නන්දසිරී, ක්‍රිෂ්නපිල්ලෙයි මනෝහරන්, රමණී කුලතිලක හා රේණුකා නිල්මිණී යන මහත්ම මහත්මීහු


අදහස් (0)

වොලිබෝල් මුල් පුටුවට සජීව මැදවත්ත

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.