Last Update  :  2026-02-14 23:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් අවසන් මහ තරග යොදා ගත් දිනටම

වොලිබෝල් අවසන් මහ තරග යොදා ගත් දිනටම

editorial - 2026 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ශූරතා වොලිබෝල් තරග මාලාවේ (2025) සුපර් ලීග් හා ආධුනික යන කාන්ඩ දෙකේම අවසන් මහ තරග යොදා ගත් පරිදි ලබන අගහරුවාදා (17) පෙරවරු 8.30 සිට කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය උනන්දු වී සිටින බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද සෙනරත් බන්ඩාර මහතා පවසයි.

ඒ අනුව සුපර් ලීග් කාන්ඩයේ පිරිමි අවසන් මහ තරගය වරාය අධිකාරී කණ්ඩායම හා යුද හමුදා කණ්ඩායම අතරද එහි කාන්තා අවසන් මහ තරගය ගුවන් හමුදා කණ්ඩායම හා හයිඩ්‍රාමණී ඇගැළුම් කණ්ඩායම අතරද එදින පස්වරුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 කෙසේවූවත් පසුගිය සෙනසුරාදා (7) වතුපිටිවල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති සුපර් ලීග් කාන්ඩයේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයට ලංකා විදුලි බල කණ්ඩායම වාර්තා නොකිරීමෙන් ප්‍රතිවාදින් වූ ගුවන් හමුදා කණ්ඩායමට නිතරග ජයක් ප්‍රදානය විය.

විදුලි බල කණ්ඩායම වරාය අධිකාරී කණ්ඩායමට පරාජය වූ අවසන් පූර්ව තරගයේ තීරණය අභියෝගයට ලක් කරමින් විදුලි බල කණ්ඩායම විරෝධතාවයක් ගොනු කළ අතර එය විභාගයට ගැනීමෙන් පසුව ප්‍රතික්ෂේප විය.   කෙසේවූවත් සිය විරෝධතාවය ඉවත දැමීමට එරෙහිව විදුලි බල කණ්ඩායම කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළ අතර එය ඊයේ (13) කැදවූ අවස්ථාවේදී ලබන මාර්තු 25 වැනිදා දක්වා නඩුව කල් දමනු ලැබීය.

ඒ හෙතුවෙන් පෙබරවාරි 17 වැනිදා සුපර් ලීග් කාන්ඩයේ පිරිමි අවසන් මහ තරගය යොදා ගත් පරිදි පැවැත්වීමට වොලිබෝල් සම්මේලනයට බාධාවක් නොමැති බව එහි උප සභාපති මහින්ද බන්ඩාර මහතා වැඩි දුරටත් පැවැසීය.  වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන තරගාවලියකට ක්‍රීඩා සමාජයක් නඩු පැවැරූ පළමු අවස්ථාව ලෙස එය සැළකේ.

වතුපිටිවලදී පැවැති සුපර් ලීග් තරගාවලියේ කාන්තා තෙවැනි ස්ථානය තේරීමේ තරගය ජය ගත්තේ නාවික හමුදා කණ්ඩායම වට 3 - 0 කින් පරාජය කළ යුද හමුදා කණ්ඩායමයි.


අදහස් (0)

වොලිබෝල් අවසන් මහ තරග යොදා ගත් දිනටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.