Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් ක්‍රීඩකයෝ මාලදිවයින පරදවති

වොලිබෝල් ක්‍රීඩකයෝ මාලදිවයින පරදවති

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් ඉසව්වේ 13 වැනි ස්ථානයත් 20 වැනි ස්ථානයත් අතර ශ්‍රේණිගත කිරීමේ වටයේදී අද (26 වැනිදා) පැවති තරගයකදී වට 3-1 ක් ලෙස මාලදිවයින පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලකුණු 25/16 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගැනීමට මාලදිවයින සමත් වුවත්, එහි දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වට පිළිවෙලින් ලකුණු 25/18 ක්, 27/25 ක් සහ 25/15 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකාව සමස්ත තරගයෙන් වට 3-1 ක ජයක් ලැබීය.

‘ඊ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වූ තරග 3 න් තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජයට පත්වී එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ හෙයින් 13 වැනි ස්ථානයත් 20 වැනි ස්ථානයත් අතර ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට සිදුවිය.


- 036

 


අදහස් (0)

වොලිබෝල් ක්‍රීඩකයෝ මාලදිවයින පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.