Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෛද්‍යතිලකට කාර්ය බහුල සමයක්

වෛද්‍යතිලකට කාර්ය බහුල සමයක්

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ඇසෑම් හිදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තාක්ෂණික කමිටුවේ සේවය කළ අන්තර්ජාතික මලල ක‍්‍රීඩා තාක්ෂණ නිලධාරී පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතා තව නොබෝ දිනකින් කටාරය බලා පිටත්ව යයි. ඒ දෝහා කටාර්හිදී පැවැත්වෙන ආසියානු ගෘහස්ත ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තාක්ෂණික කමිටුවට එක්වීම සදහාය.


ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සම්මේලනයේ උප සභාපතිවරයාද වන වෛද්‍යතිලක මහතා අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ බලපත‍්‍රය හිමි දැනට ශී‍්‍ර ලංකාවේ සිටින එකම මලල කී‍්‍රඩා තාක්‍ෂණික නිලධාරියාද වෙයි.


මාර්තු මස 4 වැනිදා ඩුබායි’හි පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපීය පැරාලිම්පික් මලල කී‍්‍රඩා ශූරතාවලියට වෛද්‍යතිලක මහතා සහභාගිවන්නේ අන්තර්ජාතික පැරලිම්පික් කමිටුවේ ජුරි සභිකයෙකු ලෙසිනි.


මාර්තු මසදී සිංගප්පුරුවේ පැවැත්වෙන මලල ක‍්‍රීඩා තාක්ෂණික නිලධාරී වැඩමු`ඵවක් මෙහෙවීම ද වෛද්‍යතිලක මහතාට පැවරී තිබේ. වෛද්‍යතිලක මහතා 19 වැනි ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලියේ ප‍්‍රධාන තාක්ෂණික නිලධාරීයා ලෙසද කටයුතු කිරීමට නියමිතය.


ඔලිම්පික් කී‍්‍රඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල, ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලිය වැනි ලොව ප‍්‍රධානතම ක‍්‍රීඩා තරගාවලිවල තාක්ෂණික නිලධාරියකු ලෙස සේවය කර අත්දැකීම් ඇති වෛද්‍යතිලක මහතා ගාල්ල රිච්මන්ඞ් විදුහලේ ආදී ශිෂ්‍යයකු වන අතර කඩුලූ පැන දිවීම ඉසව්වේ හිටපු ශූරයෙකි.


-090     

 


අදහස් (0)

වෛද්‍යතිලකට කාර්ය බහුල සමයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.