Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
----------------------
දමින්ද විජේසූරිය
---------------------
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා ප්‍රිමියර් ලීග් ඕවර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ‘ඒ‘ කණ්ඩායමක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවර්ධන හා නැගී එන කණ්ඩායම් වල සිටින ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා තෝරා ගැනේ.
මෙම ක්‍රීඩකයන්ට වඩාත් උසස් තරගකාරීත්වයෙන් යුතු තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව එයින් උදාවනු ඇත.
2021 වසරේ පැවැත්වෙන වෙළෙඳ සේවා තරගාවලිය සඳහා තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත (වයස 23න් පහළ) කණ්ඩායමක් ඉදිරිපත් කරන ලෙස වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය කළ ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.
ක්‍රිකට් ක්ෂේත්‍රයේ සාමාන්‍ය පිළිගැනීම වන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරග හැරුණු විට උසස්ම තරගකාරීත්වයක් ඇත්තේ වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේදී බවයි.
පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 26 ක් වීමත්, එම ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයන්ද බොහෝ අවස්ථාවලදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීම හෝ වෙනත් අවශ්‍යතා සඳහා ක්‍රීඩා සමාජයෙන් බැහැරව සිටීමත් ක්‍රීඩා සමාජ තරගාවලිය දුර්වල වීමට ප්‍රධානතම හේතුවයි.
ආරාධිත කණ්ඩායම සම්බන්ධයෙන් කළ විමසීමකදී වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රෝහණ දිසානායක මහතා පැවසූයේ කිසියම් අවස්ථාවකදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩකයකු වෙළෙඳ සේවා ආයතන කණ්ඩායමක් නියෝජනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සිය සේවා ස්ථානයෙන් උපදෙස් ලබාගත යුතුවන බවයි.
අප්‍රේල් මස 17 වැනිදා සිට මැයි 02 වැනිදා දක්වා දක්වා පැවැත්වෙන ප්‍රමුඛතම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලිය සඳහා පෞද්ගලික අංශයේ කණ්ඩායම් 6 ක් තරග වදිති.
හැටන් නැෂනල් බැංකුව, සිටිසන් ඩිවලොප්මන්ට් බැංකුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ජෝන් කීල්ස් සමාගම, සම්පත් බැංකුව, හේලීස් ආයතනය මෙම තරගාවලියට සහභාගි වන වෙළෙඳ සේවා කණ්ඩායම් වෙති. ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඒ‘ කණ්ඩායම එහි හත්වැනි කණ්ඩායමයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.