Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළ වොලිබෝල් පාඨමාලාවක්

වෙරළ වොලිබෝල් පාඨමාලාවක්

editorial - 2021 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ වෙරළ වොලිබෝල් උපදේශක පින්ලන්ත ජාතික ඔයිලන්ඩ් රම්ඩෝ මහතා විසින් මෙහෙයවනු ලබන වෙරළ වොලිබෝල් අදියර 6-1 පාඨමාලාව සඳහා  මෙම 28 වැනිදා දක්වා අයැදුම්පත් බාරගනු ලැබේ.

දින පහක් පුරා පැවැත්වෙන පුහුණු පාඨමාලාව ලබන අප්‍රේල් 7 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  කොළඹ සුගතදාස පිටියේ පිහිටි වෙරළ වොලිබෝල් පිටිය හා මහරගම තරුණසේවා කෘත්‍රිම  පිටිය යන ස්ථාන දෙකෙන් එකක් ඒ සඳහා තෝරා ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් ලෙස දැනට කටයුතු කරන අයැදුම්කරුවන් සිය ජීවදත්ත සඳහන් අයැදුම්පත් ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. නැතහොත් ගෙනැවිත් බාරදිය යුතුය.

පාඨමාලාව සඳහා අයැදුම්කරුවන් තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණයකින් පසුව සිදුකෙරේ.

- 223


අදහස් (0)

වෙරළ වොලිබෝල් පාඨමාලාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.