Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළ වොලිබෝල් පිල තරගාවලියෙන් ඉවතට

වෙරළ වොලිබෝල් පිල තරගාවලියෙන් ඉවතට

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉසව්වේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.

‘බී’ කාණ්ඩය යටතේ තරග වැඳුණ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී සහභාගි වූ තරග තුනේදීම පරාජයට පත් විය. ස්කොට්ලන්තය හමුවේ වට 2-1 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, කැනඩාව හමුවේ පරාජය වූයේ වට 2-0 ක් ලෙසිනි.

සියේරා ලියෝන් දේශයට එරෙහිව අද (9 වැනිදා) පැවැති මූලික වටයේ අවසන් තරගයකදීද ශ්‍රී ලංකාව වට 2-0 ක් ලෙස පරාජයට පත්විය. පළමු වටය ලකුණු 21/17 ක් ලෙස ජයගත් සියේරා ලියෝන් ක්‍රීඩකයෝ දෙවැනි වටය ලකුණු 22/20 ක් ලෙස ජයගනිමින් සමස්ත තරගයෙන් වට 2-0 ක පහසු ජයක් අත්කරගත්හ.

එම තරගයේදී අසංක ප්‍රදීප් කුමාර සහ මලින්ත යාපා ශ්‍රී ලංකා කණ්ඩායම නියොජ්නය කළ අතර පැට්ටි්‍රක් ලොම්බි සහ අබුබකර් කමාරා සියේරා ලියෝන් කණ්ඩායම නියෝජනය කළහ.


සියේරා ලියෝන් දේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගය  
■    සියේරා ලියෝන් දේශය විසින් තරග වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි. (21/17, 22/20)


- 036

 


අදහස් (0)

වෙරළ වොලිබෝල් පිල තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.