Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළ වොලිබෝල් පිල කොරියාව පරදවයි

වෙරළ වොලිබෝල් පිල කොරියාව පරදවයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් ඉසව්වේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම අද (20 වැනිදා) පැවැති තරගයකදී කොරියාවට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට සමත් විය. 

එම තරගයේදී අසංක ප්‍රදීප් කුමාර සහ සෂිමාල් මලින්ත යාපා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර කිම් ජුන්යොං සහ කිම් හොංචෑන් කොරියානු කණ්ඩායම නියෝජනය කළේය. 

ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර කසකස්තානය සහ කටාර් රාජ්‍යය පිළිවෙලින් එම කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. කොරියාව එහි අවසන් ස්ථානයේ පසුවේ. 

මේ දක්වා තරග දෙකකට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඉන් එක් තරගයක් ජයගෙන, සෙසු තරගය පරාජයවී ප්‍රසාද ලකුණු 3 ක් ලබා සිටින අතර කසකස්තානයද තරගයක් ජයගෙන, තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 3 ක් ලබා සිටියි. කෙසේ වුවත් එම තරගව වලදී ලබාගත් ලකුණු සංඛ්‍යාව අතින් ගත් කළ කසකස්තානයට වඩා ලකුණු 4 ක් ඉදිරියෙන් සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ‘බී’ කාණ්ඩයේ පෙරමුණ හිමිවී තිබේ. 

ඊයේ (19 වැනිදා) පැවැති තරගයකදී කසකස්තානය හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකාව, ලබන 23 වැනිදා කටාර් රාජ්‍යයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වන අවසන් තරගයයි. 

-036 


අදහස් (0)

වෙරළ වොලිබෝල් පිල කොරියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.