Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙරළ කබඩි තේරීම් තරග හෙට

වෙරළ කබඩි තේරීම් තරග හෙට

අමිල හේරත් - 2016 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා වෙරළ කබඩි කාන්තා සංචිතයට ඇතුළත් ක‍්‍රීඩිකාවන් 20 දෙනාගෙන් 10 දෙනකු තෝරා ගැනීමේ තරග හෙට (12) පෙරවරු 9.00 ට මීගමුව බ‍්‍රවුන්ස් වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

ලබන සැප්තැම්බර් මස වියට්නාමයේදී පැවැත්වෙන ආසියානු වෙරළ කබඩි තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම සංචිතයෙන් තෝරා ගැනේ.

 

දකුණු කොරියාවේ පැවැති ආසියානු කාන්තා කබඩි තරගාවලියට ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගිවීම නිසා කාන්තා තේරීම් තරගය නිසි ආකාරයෙන් කිරීමට නොහැකි වු බව ජාතික කබඩි තේරීම් කමිටු සභාපති සුදර්ශණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

 

සංචිතයේ සිටින ක‍්‍රීඩිකාවන් 20 දෙනාගෙන් 10 දෙනකු තෝරා ගන්නා බවත්, ඉදිරියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් ක‍්‍රීඩිකාවන් හය දෙනා මෙම 10 දෙනාගෙන් තෝරා ගන්නා බවත් හෙට්ටිආරච්චි මහතා වැඩි දුරටත් පැවසීය.

 

මෙම තරගාවලිය ඉලක්ක කරමින් වෙරළ කබඩි පිරිමි සංචිතයට ක‍්‍රීඩකයන් 12 දෙනකු පසුගියදා තෝරා ගැනිණ.

 


අදහස් (0)

වෙරළ කබඩි තේරීම් තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.