Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වාද්දුව මැදි විදුහලට ලකුණු 51 ජයක්

වාද්දුව මැදි විදුහලට ලකුණු 51 ජයක්

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සහ දෙහිවල එස්.එස්. ජයසිංහ විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී සිංහයන්ගේ හටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගය ලකුණු 51 කින් ජයගැනීමට වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය අද (26 වැනිදා) සමත්විය.
 
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 167 ක් රැස්කිරීමට සමත්විය.
 
ලකුණු 48 ක් රැස්කළ සඳුන් ලක්මාල් වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර චමිඳු හංසක ලකුණු 39 කට කඩුලු 4 ක් සහ සංකල්ප පෙරේරා ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගනිමින් එස්.එස්. ජයසිංහ විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
ජයග්‍රහණය සදහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය එස්.එස්. ජයසිංහ විද්‍යාලයට ඕවර 42.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 116 ක් පමණි.
 
එස්.එස්. ජයසිංහ විද්‍යාලයේ චමිඳු හංසක ලකුණු 31 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
 
හරිත තුෂාන් සහ රුචිර පෝෂිත කඩුලු 3 බැගින්ද අමිල තුරුවන් කඩුලු 2 ක්ද දවාගනිමින් වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
 
වාද්දුව මැදි විදුහල - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 167
(සඳුන් ලක්මාල් 48, දනුජ රුක්ෂාන් 32, චමිඳු හංසක 39/4, සංකල්ප පෙරේරා 22/2)
 
එස්.ද.එස්. ජයසිංහ විදුහල - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(චමිඳු හංසක 31, දිල්ශාන් කාවින්ද 21, හරිත තුෂාන් 20/3, රුචිර පෝෂිත 27/3, අමිල තුරුවන් 18/2)

අදහස් (0)

වාද්දුව මැදි විදුහලට ලකුණු 51 ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.