මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය සිකුරාදා (11) පස්වරු 4.00 ට එම විශ්වවිද්‍යාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් වන ක්‍රීඩක ක්‍රීිඩිකාවන් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ දැක්වූ දස්කම් වෙනුවෙන් 498 දෙනෙක් වර්ණ ලබන බව මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යක්‍ෂ (ශාරිරීක අධ්‍යාපන) කේ.ආර්.ඩී.සී. රත්නමුදලි මහතා පැවැසීය. පැවැති ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල, ආසියානු විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල ඇතුළු අන්තර් ජාතික තරගාවලි රැසක දී ඔවුන් දැක්වූ දස්කම් ද එහිදී අවධානයට යොමුකර තිබේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස චෙවරෝන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස් මහතා සහභාගී වීමට නියමිතය. විශේෂ ආරාධිතයා වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ.කේ.සී. පෙරේරා මහතාය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.