Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක යොවුන් ශූරතාවලියට යයි

ලෝක යොවුන් ශූරතාවලියට යයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ නැඟී එන බොක්සිං ක්‍රීඩකයකු වන පිළිමතලාව ධීරානන්ද පාසලේ කාවින්ද සංජය මේ මස 21 වැනිදා සිට සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී පැවැත්වෙන ලෝක යොවුන් බොක්සිං ශූරතාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා සිටියි.

කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේ තරග වදින සංජය, මින් පෙර පැවැති ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට සහ කිරිගිස්තාන ජාතික බොක්සිං තරගාවලියටද සහභාගි විය. ලෝක යොවුන් බොක්සිං ශූරතාවලියේදී ඔහුගේ පුහුණුකරුවා ලෙස කේ.කේ. සුනිල් මහතා කටයුතු කරයි.

මේ මස 14 වැනිදා තායිවානයේදී ආරම්භ වූ තායිපේ සිටි කුසලාන බොක්සිං තරගාවලියටද මෙරට යොවුන් ක්‍රීඩකයෝ දෙදෙනෙක් සහභාගි වී සිටිති. එම තරගාවලියේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ පී.වී.එස්. හේමජිත් කිලෝ ග්‍රෑම් 52 බර පංතිය යටතේද, පිළිමතලාව ධීරානන්ද පාසලේ එච්.එම්.කේ. ඒකනායක කිලෝ ග්‍රෑම් 60 බර පංතිය යටතේද තරග වදිති.

හේමජිත් 2016 වසරේ සිට මේ වසර (2018) දක්වා පිට පිට වසර 3 කදී ස්ටබ්ස් පළිහ තරගාවලියේ ඔහු නියෝජනය කරන බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට සමත් විය. ඒකනායක මේ වසරේ පැවැති ස්ටබ්ස් පළිහ තරගාවලියේ ඔහු නියෝජනය කරන බර පංතියේ රන් පදක්කම දිනාගත්තේය.

- 036

 


අදහස් (0)

ලෝක යොවුන් ශූරතාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.