ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ ලේකම් ඩී.එන්. වීරතුංග මහතාගේ ක්‍රියා කළාපයට එරෙහිව කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස එම සංගමයේ හිටපු ලේකම් ජී.කේ.එච්. ඩයස් මහතා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.
මින් පෙර කිහිපවරක්ම මෙම පරීක්ෂණය කඩිනම් කරන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් එය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය අපොහොසත් වී ඇති බවත්, අදාල පරීක්ෂණය පවත්වා නිම කරන තෙක් සංගමයේ වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් හටගෙන ඇති බවත් ඩයස් මහතාගේ ලිපියේ සඳහන් වේ.
වත්මන් ලේකම්වරයාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බව පවසන හිටපු ලේකම්වරයා, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කායවර්ධන සංගමය සහ ප්‍රවීනයන්ගේ කායවර්ධන සංගමය එක්ව අප්‍රේල් මස 27 වැනි පැවැත්වීමට සූදානමින් සිටි ‘සුපර්මෑන්’ කායවර්ධන තරගාවලිය නියමිතව තිබූ දිනයේදී පැවැත්වීමට නොහැකි වූ බවද ලිපියේ සඳහන් කර තිබේ.
මෙටර කායවර්ධන ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා දක්ෂ, අවංක සහ නිත්‍යානුකූල නිලධාරීන් පත්කර ගැනීමට සහයෝගය ලබාදෙන මෙන්ද ඩයස් මහතා සිය ලිපිය මගින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.