Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවැති තරගයකදී, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පළමු ඉණිමේ ජයක් ලැබීමට නුගේගොඩ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල පෙරේදා (20) සමත් විය. මෙම තරගය ශාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ අශ්සන් සෆීර් ලකුණු 18කට කඩුලු 5ක් බිඳ හෙලූ අතර පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 42 සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 36 ක් රැස් කරමින් ජයග්‍රහණයට දායකත්වය සැපයීය.
රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 7කට 262
(සෙනුර සිල්වා 92, ආධිත්‍ය හෙට්ටිආරච්චි 45,අශ්සන් සෆීර් නොදැවී 42, තිසුක වික්‍රමසිංහ 24, අශාන් බොරුප්පා 23, යොහාන් ද සිල්වා 65/2, චන්දුප ගුණවර්ධන 55/2)
ශාන්ත තෝමස් පළමු ඉනිම - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී ලකුණු 82
(සැමුවෙල් අරුලානන්දන් 23, අශ්සන් සෆීර් 18/5, අබ්දුල් ෆතාර් 14/3 )
රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසල් දෙවන ඉනිම - ඕවර 24කදී කඩුලු 6කට ලකුණු 156
(කුලන ලේකම්ගේ 70, රකිදු ලේකම්ගේ 27, අශ්සන් සෆීර් 36, සෂේන් මෙන්ඩිස් 46/2, චන්දුප් ගුණවර්ධන 20/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.