Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජස්ථාන් තවමත් පෙරමුණේ

රාජස්ථාන් තවමත් පෙරමුණේ

editorial - 2024 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 29 ක් අවසාන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 10 ක් ලබා සිටින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 6 න් 5 ක් ජයගෙන සිටින රාජස්ථාන් ක්‍රීඩකයන් පරාජයට පත්ව ඇත්තේ එක් තරගයක් පමණි. 

කොල්කටා නයිට් රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් තරග 4 බැගින් ජය ගෙන ලකුණු 8 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගය අනුව කොල්කටා කණ්ඩායම දෙවැනි ස්ථානයටත්, චෙන්නායි කණ්ඩායම තෙවැනි ස්ථානයටත් පත්ව සිටියි. 

සන්රයිසස් හයිද්‍රාබාද්, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් පිළිවෙලින් සිවුවැනි, පස්වැනි සහ හයවැනි ස්ථානවල පසුවන අතර එම කණ්ඩායම් 3 ම තරග 3 බැගින් ජයගෙන ලකුණු 6 බැගින් හිමිකරගෙන සිටියි. 

පන්ජාබ් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ 2 කට බැගින් හිමිකම් කියමින් ලකුණු 4 බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි, අටවැනි සහ නමවැනි ස්ථානවල රැදී සිටින අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම එහි අවසන් ස්ථානයට තල්ලු වී තිබේ. 

-036


අදහස් (0)

රාජස්ථාන් තවමත් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.