Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ 15 න් පහළ අවසන් තරගයට එති

රාජකීයයෝ 15 න් පහළ අවසන් තරගයට එති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජොෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව රාජකීය විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එහිදී රාජකීය විදුහලේ සදීෂ රාජපක්ෂ (නොදැවී 103) ශතකයක් ලබාගත් අතර දසිස් මංචනායක (60), උවිඳු වීරසේකර (58) සහ අෂේන් ගමගේ (නොදැවී 55) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

රාජකීය විදුහල දිනය නිමාවන තෙක්ම (ඕවර 109 ක් පුරා) පන්දුවට පහරදීම නිසා වේල්ස් කුමර විදුහලට පන්දුවට පහරදීම සඳහා අවස්ථාවක් හිමි නොවීය.


රාජකීය විදුහල - ඕවර 109 කදී කඩුලු 6 ක් දැවී 372   
(සදීෂ රාජපක්ෂ නොදැවී 103, දසිස් මංචනායක 60, උවිඳු වීරසේකර 58, අෂේන් ගමගේ නොදැවී 55, ආදිත්‍ය ඉමාෂ 80/3, කාංචන පෙරේරා 97/2)

 


අදහස් (0)

රාජකීයයෝ 15 න් පහළ අවසන් තරගයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.