Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ කුසලාන ශූරතා වටයේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් කොළඹදී සහ මහනුවරදී තරග දෙකක් හෙට (03) පැවැත්වේ.
අපරාජිතව සිටින ඉසිපතන විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර තරගය සී. ආර්. පිටියේදී හෙට (03) පස්වරුවේ පැවැත්වේ. කොළඹ රාජකීය විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර තරගය බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතය.
අපරාජිතව සිටින අනෙක් කණ්ඩායම වන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර තරගය අනිද්දා (04) ගල්කිස්සේදී පැවැත්වේ. ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ වෙස්ලි විදුහල අතර තරගය රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අනිද්දා පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.