Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය කණ්ඩායම 1983 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වූ යෂ්පාල් ෂර්මා මහතා අද (13 වැනිදා) අභාවප්‍රාප්ත විය. දරුණු හෘදයාබාධයකට මුහුණ දුන් ෂර්මා මහතා මිය යනවිට 66 වැනි වියෙහි පසුවිය.
ඉන්දියාවේ ජාතික තේරීම් කමිටු සාමාජිකයකු ලෙසද සේවය කළ ෂර්මා මහතා, 2011 ලෝක කුසලාන ජයග්‍රාහී සංචිතය තෝරාගත් තේරීම් කමිටුවේ සාමාජිකයෙකි.
ඉන්දියාව ලෝක කුෂලාන දිනාගත් 1983 දී එංගලන්තය සමග පැවැති අවසන් පූර්ව තරගයේදී තීරණාත්මක කාර්යභාරයක් කළ පිතිකරුවා ෂර්මාය. එම තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ සුනිල් ගවස්කාර් සහ ක්‍රිෂ්ණමචාරී ශ්‍රීකාන්ත් දෙදෙනා කලින්ම දැවී ගියහ. ශ්‍රීකාන්ත්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි යාස්පාල් ෂර්මා, ඉන්දීය ඉනිම ස්ථාවර කළේ මොහින්දර් අමරනාත් සමග එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනඟමිනි.
අමරනාත් දුවද්දී දැවී ගිය නමුත් සිය ඉනිම දිගටම ගෙනගිය යාස්පාල් ෂර්මා එංගලන්ත පන්දු යවන්නන් වූ ඉයන් බොතම්, බොබ් විලිස් වැන්නන්ට රිසි සේ පහර දෙමින්, හතරේ පහර 3 ක් සහ දැවැන්ත හයේ පහර දෙකක් සමගින් ලකුණු 61 ක් ලබාගත්තේය.
ටෙස්ට් තරග 37 කදී ඉන්දියාව නියෝජනය කළ ෂර්මා ශතක 2 ක් සහ අර්ධ ශතක 9 ක් සමඟින් ලකුණු 1606 ක් රැස් කළේය. එක්දින තරග 42 කදී අර්ධ ශතක 4 ක් සමඟින් ලකුණු 883 ක් ද ඔහු රැස් කිරීමට සමත්විය. රංජි කුසලාන තරගාවලියේදී පන්ජාබ්, හර්යානා සහ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩා සමාජ 3 ක් නියෝජනය කර ඇති ෂර්මා තරග 160 කදී ලකුණු 8,933 ක් රැස්කර ගෙන ඇත. ඊට ශතක 21 ක් ද ඇතුළත් වේ.
“මට එය විශ්වාස කරන්නත් බැරි වුනා. මම අතිශයින් කණගාටුවට පත්ව සිටිනවා.
තරගාවලි දෙකකදීම ඔහු මගේ නේවාසික මිතුරා වුනා. එවැනි අපූරු පුද්ගලයෙක් සෑම විටම තම කණ්ඩායමේ සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට උත්සාහ කළා” යැයි පවසමින් ඉන්දියාවේ හිටපු දඟ පන්දු යවනකු සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ශිව්ලාල් යාදව් මහතා සිය ශෝකය පළ කළේය.
“1983 ලෝක කුසලානය දිනූ කණ්ඩායම් සාමාජිකයා වීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ ඉහළම සංධිස්ථානයයි. නමුත්, මට නිතරම හැඟී ගියේ ඔහු කිසි විටෙකත් ඔහුගේ පූර්ණ හැකියාවන් පෙන්නුම් නොකළ බවයි. ඔහු එතරම් අපූරු පන්දු රකින්නෙක්. විශේෂයෙන් ඔහුට බොහෝ දේවල් නැවත ක්‍රීඩාවට ලබා දීමට තිබුනා. ඔහු නැතිවීම බොහෝම ලොකු පාඩුවක්” යැයි ශිව්ලාල් මහතා වැඩිදුරටත් පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.