Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මොරටුව - කොළඹ කණ්ඩායම් ශූරතා දිනයි

මොරටුව - කොළඹ කණ්ඩායම් ශූරතා දිනයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය සංවිධානය කළ අන්තර් විශ්ව විද්‍යාලයීය ‘ග්‍රිප් ටු ග්‍රිප්’ ආරාධිත කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත් විය. එහි කාන්තා කණ්ඩායම් ශූරතාව දිනාගනු ලැබුවේ කොළඹ විශ්ව විද්‍යාලය විසිනි.

තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් දැක්වූ මොරටුව විශ්ව විද්‍යාලයේ මනුක අශේන් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ලිහිණි පෙරේරා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්හ.

මෙම ජයග්‍රහණය සමග පිට පිටම තෙවැනි වරටත් අන්තර් විශ්ව විද්‍යාල කැරම් ශූරතාවලියේ කාන්තා කණ්ඩායම් ශූරතාව කොළඹ විශ්ව විද්‍යාලය සතු විය. මොරටුව විශ්ව විද්‍යාලය පිට පිටම පිරිමි කණ්ඩායම් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාවද මෙය විය.

කැලණිය විශ්ව විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය කරමින් හාරසීයකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වූහ. තරගාවලිය පුරා දින දෙකක් ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්විණ.

කැලණිය විශ්ව විද්‍යාලයේ වැඩ බලන ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජී.ජී.යූ. සමන් කුමාර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය ලංකා රණවීර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිලක්‍ෂි ද සිල්වා, ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සභාපති පරාක්‍රම බස්නායක යන මහත්ම මහත්මීහු ආරාධිතයන් ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූහ.

 

කණ්ඩායම් පිරිමි
ශූරතාව - මොරටුව විශ්ව විද්‍යාලය
මනුක අශේන්, කේ.එල්.එස්.වී. ලියනගේ, එච්.පී. එරංග, එල්.එල්. රණවික්‍රම, එන්.ජී. සුමනසේකර, කේ.ඩී.එස්. මාධව, එච්.පී. එදිරිසූරිය සහ එස්.කේ. සුදුසිංහ

අනු ශූරතාව - විවෘත විශ්ව විද්‍යාලය
කේ. සඳුන් තාරක, එච්.එම්. හේරත්, එල්.ජී. තුන්දෙනිය, නදීශ පෙරේරා, චරිත් නිලංක, ඩිල්රුජිත් සිල්වා, දිල්රුක්ෂ හතුරුසිංහ සහ එම්.ඒ. කුමාර

තෙවැනි ස්ථානය - කැලණිය විශ්ව විද්‍යාලය
ප්‍රමේධ මෙන්ඩිස්, ආර්.එස්. කුමාර, එම්.ඩී. රත්නසිරි, එම්.සී.එස්. මධුවන්ත, ජී.ඒ. කරුණාරත්න, ඩී.එම්. දිසානායක, ජී.ඩී.එල්. මදුශංක සහ සී.එස්.ඩී. ප්‍රනාන්දු

 


කණ්ඩායම් කාන්තා

ශූරතාවය - කොළඹ විශ්ව විද්‍යාලය
එම්.ඒ. පෙරේරා, පී.එන්. ප්‍රබෝධ්‍යා, එන්.වී. නදිරාජි, කේ.පී. කුමාරි, ඩී.එම්. දිසානායක, ඩබ්ලිව්.ඒ. නිරෝෂනී, ඩබ්.ඒ.එම්. කල්පනී, ඒ.එෆ්.ඉසෙඞ්. මොහොමඞ්

අනු ශූරතාවය - මොරටුව විශ්ව විද්‍යාලය
ඒ.ඩී. නන්දදාස, එච්.එම්. හේරත්, ටී.ඩී.එන්. මදුශානි, එල්.එල්. ද සිල්වා, ඩබ්ලිව්.ජී.ඒ. දිල්ශානි, එච්.ජී. රත්නසිරි, ඩබ්ලිව්.සී.යූ. දිසානායක, කේ.ඩබ්ලිව්.ඩී. ජයසිංහ

තෙවැනි ස්ථානය - වයඹ විශ්ව විද්‍යාලය
එස්. නාතුරාජා, ආර්.ඒ.එච්. කුලරත්න, එච්.එම්. ගුණපාල, ඩබ්ලිව්.එම්. වීරසූරිය, පී.ජී. සෝමරත්න, පී.එම්. ගුණවර්ධන, කේ.සී.එන්. විජේකෝන්, ඩබ්ලිව්.ඒ.ඩී. මධුෂිකා


-036

 


අදහස් (0)

මොරටුව - කොළඹ කණ්ඩායම් ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.