‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට මොරටු මහා විද්‍යාලය අද (28 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටු මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මදුශාන් දිලක්ෂණ (63) සහ නිරාජ් කවිශ්ක (51) අර්ධ ශතක ලබාගනිමින් මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලුදෙනා දැවී ලකුණු 109
(ශවින්ද ගම්ලත් 31, සඳුනිල් සංකල්ප 30, විනුර නිපුන් 43/4, රෂාන් කවිශ්ක 03/2, නදිත් මිෂේන්ද්‍ර 23/2)
මොරටු මහා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී ලකුණු 98
(මදුශාන් දිලක්ෂණ 63, රවිශ්ක විජේසිරි 36/3, ශවින්ග ගම්ලත් 09/2, ප්‍රභාත් මදුසංක 1642)
ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 142
(රවිශ්ක විජේසිරි 40, ශවින්ද ගම්ලත් 34, නදිත් මිශේන්ද්‍ර 13/4, එරාන් හංසමාල් 42/4)
මොරටු මහා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 156
(නිරාජ් කවිශ්ක 51, එරාන් හංසමාල් නොදැවී 30, නදිත් මිෂේන්ද්‍ර නොදැවී 24, රෂාන් කවිශ්ක 21)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.