අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ හයවැනි සතිය අවසාන වන විට ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින හලාවත මේරියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 69.58 ක් සහ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින එස්.එස්.සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු 82.43 ක් ලබාගනිමින් ඒ ඒ කාණ්ඩයන්හී පෙරමුණ ගැනීමට මේ වනවිට සමත්වී ඇත.
තරග 6 කට සහභාගිවී ඇති හලාවත මේරියන්ස් කණ්ඩායම පූර්ණ ජයග්‍රහණ 2 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් හිමිකර ගැනීමට සමත්වී ඇති අතර තරගය 2 කදී පළමු ඉනිමේ පරාජයන් හිමිවී ඇත. එස්.එස්.සී. කණ්ඩායම තරග 6 කට සහභාගිවී පූර්ණ ජයග්‍රහණ 3 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් හිමිකරගෙන ඇති අතර එක් තරගයකදී පළමු ඉනිමේ පරාජයක් ද හිමිවී ඇත.
‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින එන්.සී.සී කණ්ඩායම ප්‍රසාද ලකුණු 61.02 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර එම කාණ්ඩයේ පෙරමුණේ පසුවන හලාවත මේරියන්ස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක්වී ඇත.
එමෙන්ම ‘බී’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන එස්.එස්.සී. කණ්ඩායමට අභියෝග කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන සී.සී.සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු 71.975 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.