ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වේ අද (21 වැනිදා) පැවැති පිරිමි මීටර් 50 නිදහස් ආර මූලික වටයේ තරගවලට සහභාගි වූ මැතිව් අබේසිංහට සහ ඔහුගේ සොහොයුරු කයිල් අබේසිංහට එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ.
මූලික වටයේ හයවැනි තරගයට සහභාගි වූ මැතිව්, තත්පර 22.88 ක කාලයක් වාර්තා කරමින් පස්වැනියා ලෙස එම තරගය නිමා කළේය. එම ඉසව්වේ හත්වැනි මූලික වටයේ තරගයට සහභාගි වූ කයිල් අබේසිංහ එහි අවසන් ස්ථානයට පත්වූයේ තත්පර 23.36 ක කාලයක් වාර්තා කරමිනි.
මූලික වටයේ තරගවලට සහභාගි වූ ක්රීඩකයන් 51 දෙනාගේ තරග නිමි කාලයන්ට අනුව මැතිව් 12 වැනි ස්ථානයේද, කයිල් 20 වැනි ස්ථානයේද රැදී සිටියහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.