ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති වෙළෙඳ සේවා කණ්ඩායම් ලීග් මේසපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දිනාගැනීමට මාස් සමූහ ව්‍යාපාරයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
වෙළෙඳ සේවා මේසපන්දු සංගමය 61 වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි අනු ශූරතාව කොමාර්ෂල් බැංකුවටද, කාන්තා අනු ශූරතාව සෙලාන් බැංකුවටද හිමිවිය.
මෙම තරගාවලිය සඳහා දිවයින පුරා වෙළෙඳ සේවා සමාගම් සහ ආයතන 36 ක් නියොජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 249 සහභාගි වූහ. එහිදී තරගකරුවන් සඳහා ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’, ‘ඊ’ සහ ‘එෆ්’ ලෙස කාණ්ඩ 6 ක් යටතේද, තරගකාරියන් සඳහා ‘ඒ’, ‘බී’ සහ ‘සී’ ලෙස කාණ්ඩ 3 ක් යටතේද තරග පැවැත්විණ.
පිරිමි තරග ප්‍රතිඵල
‘ඒ’ කාණ්ඩය
ශූරතාව - මාස් ‘ඒ’ කණ්ඩායම
අනු ශූරතාව - කොමර්ෂල් බැංකුව
‘බී’ කාණ්ඩය
ශූරතාව - මාස් ‘බී’ කණ්ඩායම
අනු ශූරතාව - ඇස්ට්‍රන් ‘ඒ’ කණ්ඩායම
‘සී’ කාණ්ඩය
සම ශූරතාව - සී.ඩී.බී. කණ්ඩායම සහ මාස් ‘සී’ කණ්ඩායම
‘ඩී’ කාණ්ඩය
ශූරතාව - කෝඞ්ජෙන් කණ්ඩායම
අනු ශූරතාව - සිස්කොලැබ්ස් ‘ඒ’ කණ්ඩායම
‘ඊ’ කාණ්ඩය
ශූරතාව - පෑන් ඒෂියා බැංකුව
අනු ශූරතාව - ඇස්ට්‍රන් ‘බී’ කණ්ඩායම
‘එෆ්’ කාණ්ඩය
ශූරතාව - ලාෆ්ස් කණ්ඩායම
අනු ශූරතාව - ඇස්ට්‍රන් ‘සී’ කණ්ඩායම
කාන්තා තරග ප්‍රතිඵල
‘ඒ’ කාණ්ඩය
ශූරතාව - මාස් ‘ඒ’ කණ්ඩායම
අනු ශූරතාව - සෙලාන් බැංකුව
‘බී’ කාණ්ඩය
ශූරතාව - මාස් ‘බී’ කණ්ඩායම
අනු ශූරතාව - එච්.එස්.බී.සී. කණ්ඩායම
‘සී’ කාණ්ඩය
ශූරතාව - සෝන් 24×7 කණ්ඩායම
අනු ශූරතාව - ඉන්වෙස්ට් මුදෘකාංග කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.