Last Update  :  2026-03-04 22:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාරවිල ශා. සේවියර් - දෙබරවැව ජාතික පාසල සීමිත ඕවර අවසන් තරගය හෙට
19න් පහළ ක්‍රිකට්

මාරවිල ශා. සේවියර් - දෙබරවැව ජාතික පාසල සීමිත ඕවර අවසන් තරගය හෙට

editorial - 2026 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ ‘ඒ“ තලයේ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට (5) කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් පිටියේදී පැවැත්වේ.

මෙම අවසන් තරගයේදී මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය සහ දෙබරවැව ජාතික පාසල තරග වදිති.

දිවයිනේ පාසල් කණ්ඩායම් 64ක් පළමු වටයේදී කාණ්ඩ 16ක් යටතේ ලීග් ක්‍රමයට තරග වැදුණු අතර, පාසල් කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලැබීය.

අර්ධ අවසන් පූර්ව වටයේදී මහරගම ජනාධිපති විද්‍යාලයත්, අවසන් පූර්ව වටයේදී  නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයත් පරදවමින් මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

අර්ධ අවසන් පූර්ව වටයේදී හම්බන්තොට ශාන්ත මරියා විද්‍යාලයත්, අවසන් පූර්ව වටයේදී  කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයත් පරදවමින් දෙබරවැව ජාතික පාසල  අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මාරවිල ශාන්ත සේවියර් විද්‍යාල පිල මල්ෂාන් ෆ්ලාවියෝ කෘස්ගේ නායකත්වයෙන් තරග වදින අතර, දෙබරවැව ජාතික පාසල් පිල  මිරාෂ් රයන්ගේ  නායකත්වයෙන් තරග වදියි.

 

දෙබරවැව ජාතික පාසල් සංචිතය:

මිරාෂ් රයන් (නායක), ඔසඳ ඉරේෂ්, සත්රු නානායක්කාර, උෂාන් විමුක්ති, රසිඳු නිකේෂණ, චෙනුල් මින්ලක, තත්සර දයානන්ද, දිදුල නෙත්සර, අධීෂ නවිඳු, සිතික වත්සිළු, ජනිඳු බෝසිළු, ඉසුරු සදෙව්, චන්තුල දිල්පහන, සයුම් නිම්සර, පසන් අකලංක,නෙතුල මනුජය, සහ සහස් නෙත්මිණ

ජී. ඩබ්ලිව්. දිනේෂ් තුලිත (ක්‍රිකට් භාර ආචාර්ය), එම්. ගීත් සමීර (ප්‍රධාන පුහුණුකරු), නීල් කමල් (උපදේශක පුහුණුකරු), සිතුම් සංදීප (සහාය පුහුණුකරු)

 

මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලයීය සංචිතය:

මල්ෂාන් ෆ්ලාවියෝ කෘස් (නායක), ප්‍රමුදිත ප්‍රනාන්දු (උප නායක), ශෙවෝන් නෙත්සර, දිනුශ සංචල, යාන් අවිශ්ක, ශානුක සඳෙව්, චංචල මදුෂාන්, කවීෂ රවිහාර, පසිඳු නිර්මාල්, ස‌ඳෙව් හංසන, ඔෂේන් බිනර, සුසාන් සංදීප, ඩිසර අමින්ද, ඩිනාල් සඳෙව්, ඩිනෝන් හර්ෂිත, මාර්ක් ෂෙනාල්, සිත්ම තිසේරා, විහඟ දිනෙත්, ඔකිත දෙව්නක සහ කවින් පන්සිළු.

ඉරේෂා කුමුදුනී (ක්‍රිඩා භාර ආචාරිනී), ඉන්දික සම්පත් (ක්‍රිකට් පුහුණුකරු)

 


අදහස් (0)

මාරවිල ශා. සේවියර් - දෙබරවැව ජාතික පාසල සීමිත ඕවර අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.