Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

මහින්ද විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මහින්ද විදුහලේ අරෝෂ් උදයංග ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගත් අතර සෙනුක දේෂාන් සහ සෙනිරු දමිසිත් කඩුලු 2 බැගින් දවාගනිමින් ජයවර්ධනපුර මහ විදුහල් පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා අරෝෂ්ට අනගි සහායක් දුන්හ.


ජයවර්ධනපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී සියලු දෙනා දැවී 99
(සචින් ෂෙහාන් 31, සදීප යෝෂිත 23, අරෝෂ් උදයංග 25/4, සෙනුක දේෂාන් 11/2, සෙනිරු දමිසිත් 20/2)

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 9 ක් දැවී 103  
(නිකිල සිතුමින 22, සෙනුක දංගමුව 22, මලීෂ ලක්ෂාන් 21/3, සදීප් යෝෂිත 30/2)

-036

 


අදහස් (0)

මහින්ද විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.