Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම විදුහල අවසන් පූර්ව වටයට

මහානාම විදුහල අවසන් පූර්ව වටයට

ශනුක අරවින්ද - 2018 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ මහානාම විදුහල සමත් විය.

මහානාම විදුහල සහ ගාල්ල මහින්ද විදුහල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර එහිදී ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව මහානාම විදුහල තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

මහානාම විදුහල වෙනුවෙන් එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ පැතුම් බොතේජු ලකුණු 41 ක් රැස්කරමින් කඩුලු 6 ක්ද දවාගත්තේය.

 

මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 58 කදී සියලු දෙනා දැවී 147
(පැතුම් බොතේජු 41, හේෂාන් හෙට්ටිආරච්චි 33, විනුක රූබසිංහ 26, කවිඳු එදිරිවීර 24/3, පසන් පෙතන්ගොඩ 49/3, කේ. කේ. කෙවින් 14/2)

මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 8 ක් දැවී 90
(පැතුම් බොතේජු 29/6, හේෂාන් හෙට්ටිආරච්චි 38/2)

 


අදහස් (0)

මහානාම විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.